ගම්පහෙන් කොවිඩ් මරණ 02ක්!

කොරෝනා වැළදීමෙන් තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුව ඇති බව

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

මෙම මරණ දෙක මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කිනිගම ප්‍රදේශයේ වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ එඬේරමුල්ල අක්බාර්ටවුන් ප්‍රදේශයේ වයස අවුරුදු 81 පිරිමි තැනැත්තෙකු බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක පැවැසීය.

කිනිගම ප්‍රදේශයේ වයස්ගත කාන්තාව කොවිඩ් මර්ධන එන්නත් ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිහාල් ගමගේ පැවසීය.

ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

xdfgdsg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *