වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා…

වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් රථ සේවා අද (04) සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව වෙසක් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

හෙට (05) සහ ලබන 07 වනදා මෙම විශේෂ දුම්රිය ක්‍රියාත්මක කරන බවත් බදුල්ල බලා විශේෂ දුම්රියක් හා අනුරාධපුරය බලා විශේෂ දුම්රිය දෙකක් ධාවනය වන අතර යළිත් 07 වනදා බදුල්ලේ සිට කොළඹ දක්වා සහ අනුරාධපුරයේ සිට බෙලියත්ත දක්වාත් එම දුම්රිය ධාවනය යන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම වෙසක් නිවාඩුව වෙනුවෙන් කොළඹ සිට පිට පළාත්වලටත් පිට පළාත්වල සිට කොළඹ දක්වාද විශේෂ බස් රථ සේවා අද සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *