හදාවඩා ගැනීමට නොහැකි ළදරුවන් බාර දීමට පළාත් මට්ටමින් කවුළු…

හදාවඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් බාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ පැවසීය.

මේ අතර දරුවන් 80 දෙනකු විවිධ හේතු මත එම කාලයේදී ඝාතනයට ලක්ව ඇතැයි පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා කීවේය.

දරුවන් බාර ගැනීමේ කවුළුවලට සිය දරුවන් බාරදෙන මවුපියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසන කොමසාරිස්වරයා, මේ සඳහා වන නව නීති පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බවද ප්‍රකාශ කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අධිකරණ අමාත්‍යාංශය මාර්ගයෙන් මෙම නව නීති පාර්ලිමේන්තුවට නුදුරේම ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද ඔහු සඳහන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *