අධික ඉන්ධන හිඟය නිසා කියුබාවේ මැයි දිනය අවලංගුයි

කියුබාවේ පවතින අධික ඉන්ධන හිඟය හේතුවෙන් එරට කම්කරු දිනය වෙනුවෙන් සෑම වසරක ම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොමියුනිස්ට් රජය තීරණය කර තිබේ.

හවානා විප්ලව චතුරස්‍රරයට පිරවීම සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙන අතර 1959 විප්ලවයෙන් පසු ආර්ථික හේතූන් මත සැමරුම් අවලංගු කළ පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

එරට ජාතික වීරයා වශයෙන් හඳුන්වනු ලබන හොසේ මාර්ටිගේ යෝධ පිළිරුවක් සහිත හවානා විප්ලව චතුරස්‍රයේ මෙවර මැයි දිනයේදී කිසිදු සැමරුම් උත්සවයක් දකින්නට නොතිබුණු අතර ජනතාවට සැමරුම් වෙනුවට ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටින්නට සිදුව තිබිණි.

1959 වසරේදී ක්‍රියාත්මක කරන ලද කියුබානු විප්ලවයෙන් පසුව පුරා වසර 60කට වඩා වැඩි කාලයක් සෑම වසරකම කම්කරු දිනයේදී මැයි දිනය සැමරීම සිදු කර ඇත.

පසුගිය සති කිහිපය තුළ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අතර රියැදුරන් බොහෝ විට දින ගණන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් බලා සිටියහ.

කියුබාවට අවශ්‍ය ඉන්ධනවලින් තුනෙන් දෙකක් පමණක් ලැබෙන්නට නියමිත බවත් සැපයුම්කරුවන් තම ගිවිසුම්ගත ගිවිසුම් ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙලෙස ඉන්ධන හිඟයක් ඇති වී ඇති බවත් එරට ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *