ගෑස් මිල තවත් දින කිහිපයකින් පහත දැමීමට හැකිවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.
එසේ ම, QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නවතාලීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේ ය.
පවතින ආනයන සීමා ලිහිල් කිරීමට සැලසුම් කරන බව ත් ද ඔහු කියා සිටියේ ය.
තවද සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වනවිට සියයට 35 මට්ටමට පැමිණ ඇති බවද එය මේ වසර අවසන් වනවිට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ ය.


