IOC ඉන්ධන මිලත් අඩු කරයි

ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

නව මිල සංශෝධනය අනුව ඔක්ට්‍රේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කර ඇති අතර , එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 333 ක් ලෙසයි.

ඔක්ට්‍රේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375 සිට රුපියල් 365 දක්වා රුපියල් 10 කින් අඩු කර තිබේ. 

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 325 සිට රුපියල් 310 ක් දක්වා පහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල, රුපියල් 135 කින් අඩුකර තිබේ. 

ඒ අනුව එහි නව මිල රුපියල් 330 කි.

කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිල ගණන් සංශෝධනය කර නැහැ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට කටයුතු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *