ශ්‍රී ලංකා බංග්ලාදේශ කාන්තා පළමු එක්දින ක්‍රිකට් තරඟය අද…

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද(29) පැවැත්වෙයි. 

චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඉනෝකා රණවීර,හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි සහ ඕෂදී රණසිංහ ඇතුළු ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත් ය. 

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ නිගාර් සුල්තානා ය.

එම සංචිතයට ලතා මොන්ඩාල්, මුර්ෂිදා ඛාතුන්, රිතු මෝනි ඇතුළුව ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර මේ දක්වා පවත්වා තිබෙන්නේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණයි.

එම තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගෙන තිබේ. 

කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය උදෑසන 10.00ට ආරම්භ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *