විපක්ෂයෙන් ඒකාබද්ධ බලවේගයක්!

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන්ට එරෙහිව පොදු වැඩපිළිවෙළක් සහිතව ඒකාබද්ධ බලවේගයක් ලෙසින් ක්‍රියා කිරීමට විපක්ෂයේ පක්ෂ රැසක් ඊයේ (අප්‍රේල් 24) එකඟතාවකට පැමිණියේ ය.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, පිවිතුරු හෙළ උරුමය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා යුතුකම සංවාද කවය යන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් පාර්ලිමේන්තුවේදී රැස්වී මෙම එකඟතාවට පැමිණ ඇත.

මෙම ඒකාබද්ධ බලවේගයේ කැඳවුම්කරු ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පොදු එකඟතාවයෙන් පත්කර තිබේ.

වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙළක් සැකසීම සඳහා මෙලෙස එකතුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *