ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්!

අද(25) අලුයම ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිත බටහිර වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු විය. භූකම්පනයේ කේන්ද්‍රය ඉන්දුනීසියාවේ ටෙලුක් දලම් සිට දකුණට කිලෝමීටර් 170 ක් (සැතපුම් 106) පමණ විය. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

ආරම්භක කම්පනය කිලෝමීටර 15 (සැතපුම් 9) පමණ ගැඹුරකදී සිදුව ඇත. කම්පනය ආසන්න ප්‍රදේශවල ප්‍රචණ්ඩ සෙලවීම් වාර්තා වී ඇති අතර, සුමාත්‍රා දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලට මධ්‍යස්ථ ප්‍රබල කම්පන දැනී තිබේ. සිංගප්පූරුව සහ ක්වාලාලම්පූර් වැනි දක්වාද භුමි කම්පාවේ සෙලවීම් වාර්තාවූ බව විදේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.

භූමිකම්පාව හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ මූලික වාර්තා නොමැත. ඉදිරි දිනවලදී මේ හා බැඳුණු තවත් පසු කම්පන ඇති වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *