“රිලවුන් ඉල්ලුවේ චීන සත්ත්ව අභිජනන සමාගමක්”කෘෂිකර්ම ඇමති කරුණු පැහැදිලි කරයි

මෙරට රිලවුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඉල්ලා ඇත්තේ, චීන සත්ව අභිජනන සමාගමකින් යැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසීය.

එම සමාගම මෙරටින් රිලවුන් ඉල්ලා ඇත්තේ, අභිජනන කටයුතු සඳහා බව ද ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මෙය තවමත් ඉල්ලීම් මට්ටමේ පවතින්නක් යැයි ද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බව ත් ඔහු කීය.

ඒ පිළිබඳව තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත් කෘෂිකර්ම ලේකම්වරයා අවධාරණය කළේ ය.

ඒ සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට පෙර ජනතාව පරිසරවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශව කිහිපයක අදහස් ලබා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

රිලවුන් ඉල්ලා ඇති සමාගමේ නීත්‍යනුකූලභාවය, දෙරටේ වනජීවී නීති ඇතුළු කරුණු අධ්‍යයනය කෙරෙන බව ද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *