පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේදී විශේෂ සැමරුමක් පැවැත් වුණා.
ඒ අනුව අද (21) පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට ජනතාව කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව කටයුතු කර තිබෙනවා.


