යාපනයෙන් තවත් කොරෝනා රෝගීන් පස්දෙනෙක්!

යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කොට තිබේ.

මීට පෙර යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන පහසුකම් පසුගිය සතියේදී රෝහල් බලධාරීන් විසින් සපයා දෙනු ලැබ තිබිණි.

එම කොරෝනා රෝගීන් හමුවීමෙන් පසුව යාපනය ශික්ෂණ රෝහලට සාමාන්‍ය උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව අලුත් කොරෝනා රෝගීන් පස් දෙනා හමු වී තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරන්නේ තවදුරටත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් යාපනය අර්ධද්වීපය පුරා කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ගනු ලබන වෛද්‍ය උපදෙස් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *