“ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කරනවා”- නලීන් ප්‍රනාන්දු කියයි

ඉදිරි සති දෙක තුළ බිත්තර මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව පාලන මිලට අනිවාර්යෙන්ම බිත්තර අලෙවි කිරීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *