අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ.
යම්කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් විය යුත්තේ, ඒ සේවාවේ තිබෙන වැදගත්කම සහ ඒ සේවාව හරහා රටේ ජනතාවට ලබාදිය හැකි සේවය පිළිබඳ සලකාබලා බවයි ඔහු සඳහන් කළේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විධායක කමිටුව ඉදිරි දින කිහිපය තුළ රැස්වී උපරිම දෙයක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක වැඩිදුරටත් සඳහන් කළේ.


