බංග්ලාදේශයෙන් තවත් මාස හයක ණය සහන කාලයක්…

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව,ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතු බවයි සඳහන් වන්නේ.

2021 දී මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලබා දීමට කටයුතු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *