රග්බි සංගමේ හිටපු සභාපතිගෙන් පොලීසියට පැමිණිල්ලක්…

ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු රිස්ලි ඉල්ලියාස් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටලුසහගත බව ඔහු පොලීසිය වෙත පවසා ඇත.

අදාළ නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථාන ගතවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් භාරගත යුතු බව පවසමින් රග්බි සභාපතිවරයා කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබේ.

ටොරින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලන මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ. ඒ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් පත්කිරීමත් සමඟය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *