මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිවේදනයක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න ට සමගි ජනබලවේගය පක්ෂයෙන් දැනුම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා ඇත්තේ, රාජිත සේනාරත්න ආණ්ඩුවට එක්වන බවට පළවූ මාධ්‍ය වාර්තා සියල්ල රාජිත සේනාරත්න විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදෙන්නේනම් තමන් එය භාර ගැනීමට සූදානම් බවට රාජිත සේනාරත්න පසුගියදා මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බැලීමට සමගි ජනබලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇතැයි ද පැවසේ.
එම කමිටුවේ සාමාජිකයින් පිරිසක් හා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පසුගියදා සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාරගේ නුගේගොඩ පිහිටි නිවසේ රැස්වී සුහඳ සාකච්ජාවක් සිදුකර තිබුණි. එම සුහඳ හමුවට තිස්ස අත්තනායක, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල ද එක්ව තිබිණ.
තමන් ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට සහාය පළකරන බවට කිසිදු ප්‍රකාශයක් සිදුනොකළ බවත් මාධ්‍ය මගින් එය විකෘති කර ප්‍රචාරය කර ඇති බවත් රාජිත සේනාරත්න එහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.
කෙසේවුවද මාධ්‍ය තුළ පළවූ ප්‍රකාශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා, තාම සිය ෆේස්බුක් පිටුවේ සියලු දෙනාගේ දැනගැනීම පිණිස ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතිබව සඳහන් කර ඇතැයි වාර්තාවේ.


