ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක්!

සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදනය කරන සන් මැච් සමාගම (Sun Match Company) ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිතක් හඳුන්වා දී තිබේ.

සෑම වසරකදීම, අලුත් අවුරුදු චාරිත්‍රවල නිරත වන කවුරුත් පාහේ එම වසරේ අවුරුදු නැකැත් සහ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් අවුරුදු ලිත ප්‍රකාශයට පත්වනතුරු නො-ඉවසිල්ලෙන් බලා සිටිති. එහෙත් අවුරුදු ලිතක් සොයාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී එය නැවත නැවත පරිශීලනය කිරීම තරමක් දුෂ්කර කාර්යයක් වන නිසා, කාටත් ඉක්මනින් හා පහසුවෙන් සොයාගැනීමට සහ පරිශීලනය කිරීමට හැකි වන ආකාරයට ඩිජිටල් ලිතක් නිර්මාණය කිරීමට සූර්යා පියවර ගෙන තිබේ.

අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම සැමරීමකි. එම නිසාම සූර්යා නාමය අලුත් අවුරුද්ද සමග මැනැවින් ගැළපේ. වසර 40 කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදනය කළ සූර්යා, තම මෙහෙවර තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් මෙම ඩිජිටල් ලිත නිර්මාණය කර ඇත.

මෙම ලිත පරිශීලනය සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ ස්මාර්ට් දුරකථනයකින් සූර්යා ගිනිපෙට්ටියක් ස්කෑන් කිරීම පමණි. එමගින් Facebook සහ Instagram සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඩිජිටල් ලිත නැරඹිය හැකි AR filter වෙත පිවිසිය හැකි වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *