පොහොට්ටුව දෙකඩ වෙලාද?

ලබන අවුරුද්ද සඳහා සැලසුම් වී ඇති ජනාධිපතිවරණයේ දී  පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරනු ඇති බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්ම ලබා දුන් ප්‍රකාශ මාධ්‍යයේ පලවීමත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර බෙදීමක් ඇති තිබෙන බව වාර්තා වේ.


තතු දත් ආරංචි මාර්ගවලට අනුව ජනාධිපතිවරයා ඊලඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සූදානම් බව ඉඟි කර තිබේ.

එම ඉඟි පලවීමෙන් අනතුරුව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, පොදු ජන පෙරමුණු මන්ත්‍රී දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිය ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ විට ඔහුට අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණ ලෙස සහයෝගය දක්වන බවයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරවසම් පැවසුවේ, පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සුදුසුම අපේක්ෂකයා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රජයේ විවිධ වගකීම් දරන මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව සිටින බවත්, තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ වෙත පක්ෂපාතීව සිටින බවත්ය.

 බැසිල් රාජපක්ෂට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ රන්ජිත් බණ්ඩාර පැවසුවේ මෙම උත්සව සමයෙන් අනතුරුව පක්ෂයට නව  නායකත්වයක් එක්වනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *