පෙර පාසල් ගුරුවරියක ගෙල කපා ඝාතනය කරලා

පේරාදෙණිය පොලිස් වසමේ ඉලුක්වත්ත ප්‍රදේශයේදී 25 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

පෙර පාසලේ පැවැත්වීමට සූදානම් කර තිබූ අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීම සඳහා ඊයේ (අප්‍රේල් 7) පෙරවරුවේ යමින් සිටියදී මෙම ගුරුවරිය ඝාතනයට ලක්ව තිබෙන බව පොලිසිය පැවැසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුරුතලාවේ පදිංචි අංජලී චාපා සෙනෙවිරත්න නමැති තරුණියකි.

නිවසේ සිට ඉලුක්වත්ත ප්‍රදේශයේ පිහිටි පෙර පාසලට යමින් සිටිය මෙම ගුරුවරියගේ ගෙළ ගිනිහේන සුසාන භූමිය අසලදී කිසිවෙකු විසින් කපා දමනු ලැබ ඇති බව ත් ඉන්පසු ඇය මාව බේරාගන්නා ලෙස පවසමින් මීටර් 100ක් පමණ දුරක පිහිටි ඇගේ නැන්දාගේ නිවෙස වෙත ගොස් තිබෙන බව ත් පොලිසිය පැවසීය.

පෙර පාසල් ගුරුවරිය නිවසේ සිට එන අතරවාරේ දුරකතනයෙන් කිසිවෙකු හා කතා කරමින් ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඇගේ ජංගම දුරකතනය ඔස්සේ දත්ත ලබා ගනිමින් සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මෙය ප්‍රේම සම්බන්ධතාවක් මුල් කර ගනිමින් සිදුවූ ඝාතනයක් විය හැකි යැයි පොලිසිය සැක පහළ කරයි.

පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *