ත්‍රිකුණාමලය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් එක් මැදිරියක් පෙරලී ගොස් ඇත.
එහිදී නියාමකවරුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූ පිරිස තවත් ඉහල යා හැකි බව පොලිසිය ප්‍රකාශ කරයි.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ ගල්ඔය ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියයි.


