නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවසන් වු හැටි

පෙරේදා (30) පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් අතරතුරු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කිලිනොච්චිය ශාන්තිපුරම් කලෙයිමගල් ප්‍රදේශයේ පාසලක් තුළ මෙම ගැටුම හටගෙන තිබුණි.

ගැටුමෙන් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ලී සහ යකඩ පොලුවලින් පහරදීම සිදුවී ඇති අතර මතගැටුමක් දුරදිග යෑමෙන් ගැටුම හටගෙන ඇති බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස ද අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චි පොලීසියට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (31) විරෝධතාවයකද නිරතවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *