ගායක ගායිකාවන් නැති සංගීත ප්‍රසංගයක්- සංවිධායකයින් මාරු…

ඊයේ (31) රාත්‍රියේ පොළොන්නරුව ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර රසිකයින් රැවටීමේ පුවතක් වාර්තා වනවා.

 එහිදී එම ප්‍රසංගයට පෙර සංවිධායකයින් විසින් දැන්වීම්වල පළ කර තිබූ ශිල්පීන් ප්‍රසංගයේදී ගීත ගායනා කිරීමට නොපැමිණි නිසා එම ස්ථානයේ මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන තිබුණි. 

 ප්‍රසංගයේ ටිකට් පත් රුපියල් 1,500ක මිලකට අලෙවි කර තිබෙනවා. අනතුරුව සංවිධායකයින් අදාළ ස්ථානයෙන් පැනගොස් තිබූ අතර සිද්ධියට මැදිවී තිබුණේ සංගීත කණ්ඩායමය.

සංගීත කණ්ඩායමට ද ගෙවීම් සිදුකර නොතිබෙන අතර ඒ බව දැනුම්දෙමින් නිවේදකයා ප්‍රසංගය ඉදිරියට කරගෙන යෑමට ප්‍රේක්ෂකයින්ගෙන් සහාය ඉල්ලීමත් සමග ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරී තිබේ. 

පසුව වේදිකාව මතට ගොඩවූ රසිකයන් ද සංගීත සහාය නොමැතිව ගීත ගායනා කිරීමට කටයුතු කිරීමත් සමග එම උණුසුම්කාරී තත්ත්වය වර්ධනය වී ඇත.

ඉන් අනතුරුව ප්‍රසංගය නැරඹීමට පැමිණි රසිකයින් පුටු සහ විවිධ දේවලින් වේදිකාවට පහරදීමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *