පළාත් පාලන ආයතනවල පාලනය පවරා ඇති කොමසාරිස්වරුන්ගේ හා ලේකම්වරුන්ගේ ජංගම දුරකතන පැය 24 පුරා ක්‍රියාත්මක තත්ත්වයේ තබා ගන්නා ලෙසට දැනුම් දී තිබේ.
මෙම නිලධාරීන්ගේ රාජකාරි සොයා බැලීමට පත් කළ කමිටුව ඉකුත් සතියේ රැස්වූ අවස්ථාවේදී පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සියලු ම ආණ්ඩුකාරවරුන්ට මෙම උපදෙස් ලබා දී ඇත.
එසේ ම, මෙම කොමසාරිස්වරුන්ගේ හා ලේකම්වරුන්ගේ දුරකතන අංක මහ ජනතාවට දැන ගැනීමට හැකි වන පරිදි වැඩපිළිවෙළක් යොදන ලෙසට ද උපදෙස් ලබා දී තිබේ.
මෙම නිලධාරීන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙසට ද එහිදී දැනුම් දී ඇත.
මේ අතර, මහ නගර සභා පාලනය කරන කොමසාරිස්වරුන්ට සහ නගර සභාවල හා ප්‍රාදේශීය සභාවල පාලනය පැවරී ඇති ලේකම්වරුන්ට විශේෂ දීමනාවක් ලබා දීමට පියවර ගෙන ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයන් 3,000ක් පමණ පිරිසට අප්‍රේල් මස පූර්ණ වැටුප ලබා දීමට තීරණය කර ඇතැයි ද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.
ඔවුන්ට හිමි මූලික වැටුප ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව ත්, එය මේ වනවිට මුදල් අමාත්‍යංශයේ අනුමැතියට යොමු කර තිබෙන බව ත් ඇමති ජානක වක්කුඹුර කීවේ ය.


