බේරුවල මුහුදේ භූ කම්පනයක්!

බේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී ඇති බව ය.

අද (මාර්තු 30) දහවල් 1.02ට පමණ අදාළ භූ චලනය සිදුවී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානම් තත්ත්වයක් උද්ගත වී නොමැති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *