ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව උපවාසයක් ඊයේ (මාර්තු 27) ආරම්භ කොට තිබේ.
ඒ අනුව තෙල් සේවකයෝ ඊයේ පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය පිවිසුම ආසන්නයේ අට්ටාලයකට නැගී උපවාසය ආරම්භ කළහ.
ලාබ ලබන තත්ත්වයක පවතින තෙල් සංස්ථාව කොටස්වලට විකිණීමට එරෙහිව රජයට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළ බව ත් මීට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් මෙම උපවාසය අඛණ්ඩ සත්යග්රහයක් දක්වා සිදු කරන බව ත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පැවසීය.
මේ සම්බන්ධයෙන් සියලු තෙල් සේවකයන් එක්කර ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.


