තංගල්ල කෘෂිකර්ම බල ප්‍රදේශයේ නෙටොල්පිටිය, වැලිආර කෘෂි පරීක්ෂණ නිලධාරිනියකගේ ගෙළ කපා අද (මාර්තු 27) පෙරවරුවේ ඝාතනය කර තිබේ.
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක ගෙළ මෙලෙස තියුණු ආයුධයකින් කපා මෙසේ ඝාතනය කර ඇත.
ඇය වැලිආර ප්‍රදේශයේ තම නිවසේ සිට උදෑසන 8.00 පමණ රාජකාරිය සඳහා සිය කාර්යාලයේ බලා පයින් ගමන් කරන අතරතුර ඝාතකයා පැමිණ මෙලෙස ගෙළ කපා ඝාතනය කර ඇතැයි පවුලේ ඥාතීහු පවසති.
පොලිසිය සැක කරන්නේ, ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු කටයුතුවල නිරත වන පුද්ගලයකු විසින් මෙම ඝාතනය සිදු කරනු ලැබ ඇත බව ය.
ගොවි ණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපියක් නිසි පරිදි අදාළ කෘෂිකර්ම නිලධාරිනිය විසින් ලබා නොදීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් කලක සිට දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඝාතකයා මීට පෙර ද අවස්ථා කිහිපයකදී ම මෙම නිලධාරිනිය සමග බහින්බස් වී ඇති අතර පෙරේදා දින රාත්‍රියේ සැකකාර පුද්ගලයා මෙම නිලධාරිනියගේ නිවසට පැමිණ බැණ තර්ජනය කර ඇති බව ද පවුලේ ඥාතීහු පවසති.
අනතුරුව අද උදෑසන රාජකාරිය සඳහා යමින් සිටි අවස්ථාවේ ඇය මෙසේ ඝාතනය කර ඇත.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර හුංගම පොලිසිය සහ තංගල්ල මූලස්ථාන පොලිසිය එක්ව සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි.


