මෙරට සිල්ලර ඉන්ධන වෙළඳපොල වෙත පිවිසීමට විදෙස් සමාගම 03කට අවසර…

විදෙස් සමාගම් 3කට මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව Sinopec, United Petroleum සහ RM Parks of USA සමාගමට Shell Plc සමග එක්ව ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට බලපත්‍ර ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමට අවසර හිමි වේ.

ඒ අනුව, අදාළ සමාගම් වෙත ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ අලෙවි කිරීම වසර 20ක් දක්වා ක්‍රියාත්මක කිරීමට බලපත්‍ර හිමි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *