කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.අනිද්දා (28) දින සිට මිල සංශෝධන කිරීමට නියමිත බව එම සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඒ අනුව, රුපියල් 100කට පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු වනු ඇති බව සම්පත් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ආනයනික කිරිපිටිවල මිල අඩු කිරීමට තීරණය කර ඇති බැවින් ඊට සමගාමීව කිරි තේ මිල අඩු කිරීමට තීරණය කළ බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

අනායනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් ද ග්‍රැම් 400ක මිල රුපියල් 80කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ත් අදාළ මිල ගණන් හෙට (මාර්තු 27) දිනයේ සිටි ක්‍රියාත්මක වනු ඇති බව ත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *