පොලිස්පති චන්දන වික්‍රමරත්නට මාස තුනක සේවා දිගුවක්

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට කටයුතු කර ඇති ජනාධිපතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට ඉන් අනතුරුව පොලිස්පති ධුරය ලබාදෙන බවට පොරොන්දු වී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් අද (24) පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවක දී ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇතැයි ද පැවසේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ජාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති චන්දන වික්‍රමරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *