දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත නුදුරේදීම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මෙය ගෙන එන බවත් මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබෙනවා.


