කැනේඩියානු මහ කොමසාරිස් දෙමළ ඩයස් පෝරාවෙන් නැගෙනහිරට ආයෝජන ඉල්ලයි.

නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන්ට ලක්වූ පුද්ගලයන්ගේ ගැටළු විසදීම සදහා පත් කල විද්වත් කමිටුවේ නිර්දේශ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ තමන් හමුවීම සදහා පැමිණි කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතා හමුවේ අවධාරනය කළාය.
ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි මෙම හමුව පැවැත්වුණි.
මෙහිදි මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ කැනඩාවේ වෙසෙන ශ්‍රි ලාංකික ජනතාව තමන් සමග නැගෙනහිර පළාතේ සහජිවනය සහ සංහිදියාව තිබේ දැයි නිතර විමසා සිටින බවයි.
ඊට පිලිතුරු දුන් ආණ්ඩුකාරවරිය කියා සිටියේ තමන් මෙම තනතුරට පත් වූ වහාම ඊට විසදුමක් ලෙස ඉහත කමිටුව පත් කිරිමට පියවර ගත් බවය.
අනතුරුව ආණ්ඩුකාරවරිය විසින් එම කමිටු වාර්ථාවේ පිටපතක්ද මහ කොමසාස්වරයා වෙත පිළිගැන්වුවාය.
අදාළ වාර්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම ජිනිවා හී මානව හිමිකම් කොමිසමට ද ලබා දීමට කටයුතු කල බවත්, මේ වන තෙක් ඒ සදහා ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන තමන් පුදුමයට පත් වන බවත්, ආණ්ඩුකාරවරිය එහිදි කීවාය.
මේ අතර නැගෙනහිර පළාතේ නව ආයෝජන අවස්ථා පිළිබදව ද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
ඒ් අවස්ථාවේ මහ කොමසාරිස්වරයා කියා සිටියේ කැනඩාවේ වෙසෙන ශ්‍රි ලාංකික දෙමළ ඩයස් පෝරාවෙන් නැගෙනහිර පළාතේ ආයෝජන සිදු කරන්නැයි තමන් ඉල්ලා සිටින බවය.
යුධමය වාථාවරණයෙන් පසු නැගෙනහිර පළාතේ සිදුව ඇති සංවර්ධනය පිළිබදව ද මහ කොමසාරිස්වරයා ආණ්ඩුකාරවරියගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් ආණ්ඩුකාරවරිය කීවේ අද ත්‍රිකුණාමලයට පහසුවෙන් පැමිණිමට හැකි වන්නේ ත්‍රස්තවාදය විනාශ කිරිමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රතිපලයක් ලෙස බවයි.
මේ ආවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *