පොලිස් ස්ථානය තුළ දී හදිසියේ රෝගී වූ පුද්ගලයා ව රෝහල්ගත කිරීම සඳහා නිල ජීප් රථය ලබාදී ඔහුගේ දිවි බේරා දීමට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ක්ෂණිකව පියවර ගැනීමෙන් පොලිසියට පැමිණ සිටි සියලු දෙනාගේම ප්රසංසාව හිමිවිය.
ඊයේ සවස කිසියම් අවශ්‍යතාවයක් සඳහා කඩි කඩිමුඩියේ පැමිණි පුද්ගලයකු පොලිසියේ ආලින්දයේ ඇද වැටුණු බව ස්ථානාධිපතිවරයාට කන වැකිමත් සමඟම තම නිල කාමරයෙන් පිටතට පැමිණි ස්ථානාධිපතිවරයා අනෙකුත් නිලධාරීන් සමඟ යුහුසුලුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළහ.
එම පුද්ගලයාගේ රෝගී තත්ත්වයේ දරුණු බව ඉවෙන් මෙන් දැනගත් ස්ථානාධිපතිවරයා ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීමත් සමඟ ම පොලිස් නිලධාරියකු තී රෝද රථයක් රැගෙන ඒම සඳහා ස්ථානයෙන් පිට වීමට සූදානම් වුවද තරබාරු එම පුද්ගලයාව තීරෝද රතයක ගෙනයාමට නොහැකි බවත් ඒ වෙනුවෙන් ගතවන විනාඩියත් ජීවිතයට වටින බව මැනවින් තේරුම්ගත් ස්ථානාධිපතිවරයා තමන් නිල ජීප් රථයෙන් වහාම එම පුද්ගලයා ජාතික රෝහල කරා රැගෙන ලෙස රියදුරුට දැනුම් දීමට පියවර ගැනිණි.
ඒ අනුව එම පුද්ගලයාව විනාඩි කීපයක් තුළ ජාතික රෝහල වෙත රැගෙන යාමත් සමගම වෛද්‍යවරුන් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දී දිවි බේරා ගැනීමටද සමත් වු අතර තවත් විනාඩි කිහිපයක් ප්‍රමාද වූවා නම් ඔහුගේ ජීවිතයට අනතුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව වෛද්‍යවරුන් පවසා ඇත.


