රන් මිලෙහි වෙනසක්!

ඊයේ දිනයට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් අද (22) දවසේ නැවත වරක් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳුන් පවසනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 151,800 ක් දක්වා පහළ ගොස් ඇති අතර ඊයේ (21) කැරට් 22 රන් පවුමක මිල සටහන්ව තිබුණේ රු. 162,000 ක් ලෙසයි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රු. 165,000 ක් දක්වා පහත වැටී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *