ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ක්‍රියාත්මකයි

දිවයිනේ සියලු ම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විශේෂ අභියාචනාවන්ට යටත් ගුරු භවතුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු අප්‍රේල් 17 දින සිට ක්‍රියාත්මක වන බව ය.

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම්, ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සලකා බලනු ලබන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

මෙතෙක් ලබා දී ඇති සියලු ම තාවකාලික අනුයුක්ත කිරීම් ජූනි 30 දින දක්වා දීර්ඝ කරන නමුත් ජූනි 30 දිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහා ම ඒ අනුව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *