අධික උෂ්ණත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයක්

අධ්‍යාපන අමාත්‍යංශය වෙත, පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ලබාදිය යුතු මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය,නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ දහදිය දැමීම නිසා ඇතිවන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්ත්වයන් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.

ඒ අනුජ, අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකීම, විවේක කාලයේදී සිසුන්ට අධික හිරු එළිය සහිත එළිමහනේ කටයුතු කිරීමට ඉඩ නොදෙන ලෙස මෙන්ම, වැඩිපුර ජලය පානය සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා තරඟ හෝ පුහුණුවීම් පැවැත්වීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත දැනුම් දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *