මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගය වැසෙයි,විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය දැනුම් දෙයි

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය වසා තැබීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ට දැනුම් දීමක් සිදු කර තිබේ.

ඊයේ (මාර්තු 19) සවස් කාලයේදී ඇති වූ අධික වැසි තත්ත්වය නිසා එම මාර්ගයේ 18 වංගුව කොටසේ දෙවන වංගුව ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ නාය යාම් තත්ත්වයක් හේතුවෙන් මතුව තිබෙන අවදානම් තත්ත්වය පහව යන තුරු එම මාර්ගය වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

මහනුවර – මහියංගනය A-26 මාර්ගයේ 18 වංගුවේ 2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම නිසා මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධාවක් සිදුවී ඇති අතර නාය ගොස් ඇති කොටසට ඉහළින් පිහිටා ඇති විශාල ගලක් නාය යාමේ අවදානමක් ඇති බැවින් මාර්ගය සම්පූර්ණයෙන් වසා ඇති බව පොලසිය පැවසීය.

මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රදේශය පරීක්ෂාකර බලා පවතින අනාරක්ෂිත තත්ත්වයන් කඩිනමින් ඉවත් කර නැවත සුපුරුදු පරිදි වාහන ධාවනය ආරම්භ කිරීමට හැකි වන පරිදි මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තීබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *