පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.
ඒ අනුව කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණු බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.
එසේම මරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොමැති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා.


