නුවරඑළියෙ තේ කර්මාන්තශාලාවක ගින්නක්

නුවරඑළිය – කඳපොල ‘එන්ඩෙල්’ තේ වතුයායේ මහල් දෙකකින් යුත් තේ කර්මාන්ත ශාලාවක් ඊයේ (18) අලුයම හට ගත් හදිසි ගින්නකින් සම්පුර්ණයෙන් විනාශ වී ඇත.


අලුයම 2 ට පමණ මෙම ගින්න හට ගෙන ඇති අතර, ගින්න සිදුවන අවස්ථාවේ තේ කර්මාන්තශාලාව තුළ කිසිවෙකු සිට නොමැත.

තේ කිලෝ 30,000කට අධික ප්‍රමාණයක් එහි ගබඩා කර තිබී ඇති අතර, සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කඳපොල පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *