ගිණුම් වාර්තා නොදෙන පක්ෂවල ලියාපදිංචිය අහෝසියි

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන අනුව පිළිගත් දේශපාලන පක්ෂ විසින් එකී පක්ෂවල විගණනය කරන ලද වර්ෂ 2021ට අදාළ ගිණුම් වාර්තා තවදුරටත් ලබා නොදෙන්නේ නම් එම පක්ෂවල ලියාපදිංචිය අහෝසි කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිෂන් සභාව, 2021 වසරේ ගිණුම් වාර්තා මෙතෙක් භාරදී නොමැති දේශපාලන පක්ෂ මෙම මස 30දා වනවිට (දින 14ක් තුළ) තම ගිණුම් වාර්තා භාරදිය යුතු බවට නියම කර ඇත. ඒ බව ගිණුම් වාර්තා භාර නොදුන් පක්ෂ වෙත ලියාපදිංචි තැපෑලෙන් දැනුම් දීමටද කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *