IMF තීන්දුව හෙට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (20) පවත්වන රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය නිදහස් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 350ක් හෙවත් ඩොලර් කෝටි 35ක් පමණ වනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන මුළු ණය මුදල ඩොලර් මිලියන 2900ක් හෙවත් ඩොලර් කෝටි 290කි. මෙය වසර 4ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට සැපයෙනු ඇත.

මූල්‍ය අරමුදල සපයන ණය මුදල් යොදාගත හැක්කේ මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය තර කිරීමට පමණි. වෙනත් කටයුතු සඳහා එම මුදල් උපයෝගී කරගත නොහැකි බවට කොන්දේසියක් පනවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *