අග්‍රාමාත්‍යවරයා හා ආණ්ඩුකාරවරු අතර හමුවක්…

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය මාර්තු මස 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බැවින් එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරු අතර සාකච්ඡාවක් 2023.03.14 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආණ්ඩුකාරවරුන් වන ටිකිරි කොබ්බෑකඩුව (සබරගමුව), වසන්ත කරන්නාගොඩ (වයඹ), එම්.ජේ.එම්. මුසම්මිල් (ඌව), මහීපාල හේරත් (උතුරු මැද), විලී ගමගේ (දකුණ), ලලිත් යු. ගමගේ (මධ්‍යම), අනුරාධා යහම්පත් (නැගෙනහිර), රොෂාන් ගුණතිලක (බස්නාහිර), ජිවන් ත්‍යාගරාජා (උතුර), අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න සහ අග්‍රාමාත්‍ය නීති උපදේශක ආචාර්ය ජයතිස්ස ද කොස්තා යන මහත්වරු සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *