රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (16) උදෑසන 8.00 අවසන් වුණා.
වරාය, විදුලිය, ජල , දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනයද එම සංගම් විසින් අවසන් කර ඇති අතර අද සාමාන්‍ය ලෙස සේවයට එක්වන බවයි එම සංගම් සඳහන් කළේ.
ජනාධිපතිවරයා ලබාදී ඇති පොරොන්දුව මත මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සංගම් සඳහන් කළේ.


