ආරාමයක සිටි භික්ෂූන් ඇතුළු 30කට වැඩි පිරිසක් මියන්මාර හමුදාව විසින් ඝාතනය කරයි

දකුණු මියන්මාරයේ ෂාන් ප්‍රාන්තයේ ආරාමයකදී පුද්ගලයන් 30කට අධික පිරිසක් ඝාතනය කර ඇති බව කැරලිකරුවෝ අනාවරණය කර තිබේ.

පසුගිය සෙනසුරාදා නෑන් නෙයින් ගම්මානයට ෂෙල් ප්‍රහාර එල්ල කළ බව කැරන්නි ජාතික ආරක්ෂක බලකාය (KNDF) පැවසීය.

ගම්මානයට ප්‍රහාර එල්ල කරන විට පලාගොස් ආරාමයේ සැඟවී සිටි ගම්වැසියන් මෙලෙස ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.

අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ඝාතනය කර ඇති බව කැරළිකාර කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

අවට ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ද ගිනිබත් වී තිබේ.

ෂාන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය පුවත්පතක් වන කන්තරාවඩ්ඩි ටයිම්ස්, KNDF ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් පවසා තිබුණේ ‘හමුදාව ඔවුන්ව ආරාමය ඉදිරිපිට පෙළගස්වා භික්ෂූන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම අමානුෂික ලෙස වෙඩි තැබුවා’ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *