වෘත්තීය ක්‍රියාමාර්ග නිසා අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා වුවහොත් නීතිය අකුරටම…

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරතවන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජය විසින් ජන ජීවිතය, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, එදිනෙදා රාජකාරී කටයුතු කරන පිරිස් ඇතුළු සියලුදෙනාගේ යහපැවැත්ම සඳහා, අඛණ්ඩව රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්, විදුලි මේ සියල්ල අත්‍යාවශ්‍ය සේවාවන් බවට පරිවර්තනය කර ඇති බවත් රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ලෙස අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇති බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *