මැඩගස්කරයේ සිට මෙරටට පිටුවහල් කිරීමට නියමිත නදුන් චින්තක හෙවත් හරක් කටාගේ පියා විසින් මානව හිමිකම් කොමිසමට අද (14)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තමන්ගේ පුත්රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
එකී පැමිණිල්ල මගින් තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
2023-03-14


