තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයන් ද අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබුණා.
ඒ අතරතුර මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.



