නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව අද (14) තවත් පළාත් 5 ක වෛද්‍යවරුන් වැඩ වර්ජනය සඳහා එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.
වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම රෝහල්වලද අද උදැසන 8.00 සිට අනිද්දා (15) උදැසන 8.00 දක්වා පැය24 ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මකවීමට නියමිතයි.
ඊයේ (13) දිනයේ බස්නාහිර, මධ්‍යම, දකුණ හා නැගෙනහිර පළාත්වල සියලුම රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූ අතර එම පළාත්වල රෝහල්වල කටයුතු අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.
අද දිනය තුළ විසඳුම් නොලැබුණහොත් හෙට (15) දිවයින පුරා සියලුම රෝහල් ආවරණය වන පරිදි එක් දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.


