ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කොමිසම් රැස්වීමට පොලීසියේ නිලධාරියකු වෙනුවට අමාත්යංශ ලේකම් වියානි ගුණතිලක තමාගේම නම නිර්දේශ කර ගෙන විදෙස්ගත වීමට ගත් උත්සාහයක් ජනාධිපතිවරයා නවතා ඇත..
ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නිවාඩු අනුමත නොකිරීම මීට හේතුව වේ.
මෙම රැස්වීම සඳහා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත විය.
මේ සඳහා සුදුසු නිලධාරියෙකු පත් කර එවන්නයි මහජන ආරක්ෂක අමාත්යාංශයට විදෙස් කටයුතු අමත්යංශය දන්වා යවා තිබියදී අමාත්යංශ ලේකම්වරයා තමාගේ නම පොලිසිය වෙනුවට ස්වීස් සවාරි යන්න ගිය අමාත්යාංශ ලේකම්ට වැඩ වරදී….
යෝජනා කර ඇත..
තම නම යෝජනා කර යවන අතරේ මෙම සංචාරය සඳහා ශීත ඇඳුම් මිලදී ගැනීමටත් අවශ්ය ඇඳුම් මිලදී ගැනීමටත් අනුමත මුදල් ද වියානි ගුණතිලක විසින් ලබාගෙන ඇත..
කෙසේ වෙතත් අවසානයේදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිවාඩු අනුමත නොකර ඇත්තේ සංචාරය සඳහා පොලිස් නිලධාරියකු නිලධාරීහු සහභාගි විය යුතු නිසාය..
වියානි ගුණතිලක රාජ්ය පරිපාලන සේවාවේ නිලධාරියකු වන අතර මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් ධුරයට පත්වීමට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ධුරය දරන ලදී.
2023-03-12


