බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මඟකට යොමු කරමින් වසර ගණනාවක් බන්ධනාගාරය තුළ ගත කර බලපත්‍රමත මුදාහරින ලද රැඳවියන් සඳහා ඔවුන්ගේ ජීවිතය නැවත ආරම්භ කිරීමටත්, ඔවුන්ගේ පවුල්වල ආදායම ශක්තිමත් කර ගැනීම සඳහාත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සි (JICA) සම්බන්ධ වී නිදහස් වන පිරිමි රැදවියන් 17 හා ගැහැණු රැඳවියන් 01 ක් සඳහා තෙදින වෘත්තීය පුහුණක් හා කෘෂි උපකරණ, වඩු උපකරණ, පෙදරේරු උපකරණ, ආහාර පිසුම් උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහනක් 2023.03.10 වන දින කොල්ලුපිටිය සසකාවා සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
එම අවස්ථාව සඳහා ජපාන නියෝජ්‍ය තානාපති කාර්යාලයේ ප්‍රධානී කට්සුකී කොටරෝ මහතා, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා හා ජයිකා ආයතනයේ නියෝජිතයින් සහභාගී වුහ.
චන්දන ඒකනායක
අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක)


